කාලගුණයෙන් රතු නිවේදනයක්

0
18

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකිය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීමේ දී ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ගාල්ල කොළඹ මාර්ගයේ තෙල්වත්ත කහව අකුරල ආදී ප්‍රදේශවල ඊයේ (08) පස්වරුවේ මුහුදු රළ ගොඩබිමට ගලා ඒම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.

මාර්ගයට ගොඩගසා තිබූ වැලි මාර්ග සංවර්ධන අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැකෝ යන්ත්‍ර යොදා ඉවත් කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.