CBL SMART AGROඇප් මෘදුකාංගය හඳුන්වා දෙයි

0
110

ඩිජිටල්කරණය සහ තාක්ෂණය භාවිත කරමින් සිය සැපයුම් දාමය හා බැඳුණු අනාගත අවදානම් කළමනාකරණය කරගැනීමේ තවත් එක් පියවරක් ලෙස SMART AGRO ඩිජිටල් ඇප් මෘදුකාංගය එළිදැක්වීමට CBL සමූහය පසුගියදා කටයුතු කළේය.

නොමිලේ බාගත හැකි මෙම ඇප් මෘදුකාංගය හරහා අලු‍ත් ගොවීන්ගේ ලියාපදිංචි කටයුතු මෙන්ම එසේ ලියාපදිංචි වූ ගොවීන්ට ණය පහසුකම් ලබාගැනීම, කොන්ත්‍රාත් කොන්දේසි කළමනාකරණය මෙන්ම CBLකෘෂි ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහය එසැණින් ලබා ගැනීම ආදී සේවා රැසක් පහසුවෙන් ලබා ගත හැකිය.

වර්ධනය වන ඉල්ලු‍මට සාපේක්ෂව, CBL ආහාර අමුද්‍රව්‍ය සපයාගැනීමේ ක්‍රියාවලිය ද ගෙවුණු වසර කිහිපය තුළ ප්‍රසාරණය වී ඇත. එහිදී අමුද්‍රව්‍ය සපයා ගැනීම ආශ්‍රිත විනිවිදභාවය සහ අඛණ්ඩ සන්නිවේදන කටයුතු වෙනුවෙන් අතිශය වැදගත් පියවරක් ලෙස මෙම ඩිජිටල් ඇප් මෘදුකාංගය හඳුන්වාදීම පෙන්වා දිය හැකි බව එම සමාගම සඳහන් කරයි.

″SMART AGRO ව්‍යාපෘතිය මගින් අපගේ ආහාර අමුද්‍රව්‍ය සැපයුම් දාමය මුහුණදෙන අවදානම් තත්ත්ව කිහිපයකට විසඳුම් සපයනවා. විශේෂයෙන්ම ගොවි ප්‍රජාවට තම අස්වනු ඵලදායීත්ව ඉහළ නංවමින් වැඩි ලාභයක් අත්කරගැනීමට අවශ්‍ය වැදගත් කළමනාකරණ තීරණ ගැනීමට මෙම ඇප් මෘදුකාංගය උපකාරී වෙනවා ’’යනුවෙන් CBL සමූහයට අනුබද්ධිත ප්ලෙන්ටි ෆුඩ්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ – කෘෂි ව්‍යාපාර සංවර්ධන, ආචාර්ය රුක්ෂාන් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.