මංතීරු නීතියට අනුගත වෙන්න අද සිට සති දෙකක්

0
215

මංතීරු නීතියට අනුගත වීම සඳහා අද(27) සිට සති දෙකක කාළයක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.

මාර්ග තදබදයට පියවරක් ලෙසත් රථවාහන වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් යළිත් වරක් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ සියලු නගරයන්හි වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන බවයි.