වැල්ලවාය-තණමල්විල ප්‍රධාන මාර්ගයේ අනතුරක්

0
65

වැල්ලවාය-තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය අසළ සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇත.

ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු සහ ලොරි රථයේ රියදුරු බව පොලීසිය පවසයි.

ඔවුන් වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනතුරින් පසු තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති අතර පසුව ඉන් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල මහ රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලීසිය විසින් සිදු කරයි.