අසාද් සාලි-හිස්බුල්ලා තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිට සංදේශයක්

0
115

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන් වහාම එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිවරයාට සංදේශයක් භාරදීමට කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සිදුකරන ප්‍රකාශන ඉතාමත් අන්තවාදී ඒවා බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙයි.

එමෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කර ඇති විශ්වවිද්‍යාලය අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ඔළු හෝදන ස්ථානයක් බව උන්වහන්සේ සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ආයතන ගොඩනැගු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.