ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

0
87

ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් ඊයේ (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ මැදගම පොලීසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ SB CORONA 3.0 mm බෝර 12 පතොරම් 4 ,SUPER GAME 70 mm පතොරම් 9,BIG GAME 8.60 mm බෝර 12 පතොරම් 12කි .

සැකකරුවන් සහ පතොරම් තොගය සමඟ ඒවා ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථය සහ එහි සිටි නන්නපුරාව කළුගහවාඩිය පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන ඇත.

සැකකරුවන් අද (16) බිබිල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මැදගම පොලිස් ස්ථානාධිපති චම්ලිවිතානච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.