චීනය නැවතත් ඇමෙරිකා භාණ්ඩ වලට තීරු බදු පනවයි

0
50

චීන ඇමෙරිකා වෙළෙද යුද්ධය තව තවත් තීව්‍ර කරමින් චීනය නැවතත් තීරු බදු පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් බිලියන 60 ක් වටිනා ඇමෙරිකා භාණ්ඩ සදහා සියයට 25 ක තීරු බදු පැනවීමටයි කටයුතු කළේ. පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදය චීනයෙන් ආනයනය කරනු ලබන ඇමෙරිකා ඩොලර් බිලියන 200 ඉක්ම වූ භාණ්ඩ සදහා සියයට විසිපහක තීරු බදු පැනවීමට කටයුතු කළා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි චීනය මෙලෙස ඇමෙරිකා භාණ්ඩ සදහා තීරු බදු පනවා තිබෙන්නේ. ඒ අනුව ඇමෙරිකාවෙන් ආනයනය කරන ගවමස්, බැටළුමස් සහ ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම එළවළු, පළතුරු යුෂ, තේ, කෝපි සහ තෙල් වර්ගවලට මෙය බලපානු ඇති. මෙම නව පියවරත් සමග ආසියාවේ රටවල කොටස් වෙළෙදපොළේ බිද වැටීමක්ද දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය චීන ඇමෙරිකා වෙළෙද යුද්ධයේ උත්සන්නතම අවස්ථාවක් බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.