කිරිබත්ගොඩ හදිසි ගින්නක්

0
80

කිරිබත්ගොඩ පොලිස් වසමේ ඊරියවටිය මාර්ගයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ (06) රාත්‍රී 10.40 ට පමණ මෙය හට ගෙන ඇත.

වහාම ක්‍රියාත්මක වු පොලීසිය හා ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසී‍න් හා සහාය ඇතිව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලට හා ඊට යාබදව පිහිටි කෙසෙල් කඩයකට හා තවත් වෙළඳ සැලකට අලාභ හානි සිදුව ඇත.

ජීවිත හානි සිදුව නොමැති අතර ගින්න ඇති වීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත.

කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා තිබේ.