සිලෝන් තවුහීද් ජමාත් සංවිධානයෙන් රාජිතට අභියෝගයක්

0
135

රාජ්‍ය බුද්ධි අංශ වලින් තමන් වැටුප් ලබාගත්තේයැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය හැකි නම්. ඔප්පු කර පෙන්වන්නැයි සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ඊයේ (02) අභියෝග කළේය.

එහි ප්‍රධාන ලේකම්, අබ්දුල් රාසික් මහතා ඊයේ (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතාවක් පැවැත් වූ බවට රාජිත සේනාරත්න මහතා පැවසු දෙය අසත්‍යයක් බවත් තමාට කළ අපහාසයට වන්දි ඉල්ලා රුපියල් මිලියන 500ක එන්තරවාසියක් අමාත්‍යවරයාට යැවීමට බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කලේ අධිකරණය ඉදිරියේ ඊට අදාල ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට තමා සූදානම් බවය.

මේ අතර රාජිත සේනාරත්න මහතා පසුගියදා චෝදනා එල්ල කළ චෝදනා වලට සීලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ නියෝජිතයින්ද ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රතිචාර දැක්වුවේය.

එහිදී සීලෝන් තවුහිත් ජමාත් සංවිධානය ප්‍රධාන ලේකම් අබ්දුල් රාසික් පවසා සිටියේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ තම සංවිධානයේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාද සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය තහනම් කළ යුතු බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියේය.