“ජාතික ආරක්ෂාව දැඩි අනතුරක – බුද්ධි අංශ සවිමත් කරන්න” හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක්

0
198

ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා බුද්ධි අංශ වහා ශක්තිමත් කළ යුතු බව හිටපු ආරක්‍ෂක ප‍්‍රධානීන් අවධාරණය කරනවා. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් ඔවුන් විසින් සකස් කරනු ලැබ ඊයේ විපක්‍ෂ නායකවරයාට භාරදුන් වාර්තාවේ පළමු නිර්දේශයද එයයි. හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ජයනාත් කොළඹගේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූවා.

අන්තවාදී රැඩිකල් අදහස්වල එළඹ සිටින ඉස්ලාම් භක්තිකයන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක අවශ්‍යතාවද අදාළ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. එහි ඇතුළත් 3 වන නිර්දේශය වන්නේ ආගමික නම්වලින් පවත්වාගෙන යන පාසල් වෙනුවට පොදු පාසල් ආරම්භ කළ යුතු බවයි. සැමට එක් නීතියක් බලාත්මක කළයුතු බවද හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් විපක්ෂනායකවරයාට භාර දුන් මෙම වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

මේ අතර ආරක්ෂක මණ්ඩලය සඳහා විපක්ෂ නායකවරයා ද සහභාගී කරවා ගතයුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ කාලීන තත්ත්වයන් සැලකිල්ලට ගෙන ආරක්ෂක මණ්ඩලය ප‍්‍රතිසංවිධාන කළ යුතු බවයි.