මදුෂ්ගේ ගෝලයෙකු කුඩු සමග අත්අඩංගුවට

0
248

මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවට සැකකරන පුද්ගලයකු සහ තවත් දෙදෙනෙකු හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 10,900 ක් සමඟ ලබුදූව , ගොනාමුල්ල සහ නියාගමදි සැකපිට අත්අඩංගුවට ගත්බව අක්මීමණ පොලීසිය කියයි.

පොලිස් බුද්ධි නිලධාරියෙක් ලබාදුන් තොරතුරුක් මත මෙම වැටලීම් සිදුකර තිබේ.

පොලිසිය පවසන්නේ 38 හැවිරිදි ප්‍රධාන සැකකරු හපුගල මොල්ලිගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි. මොහු මත්කුඩු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව මහාධිකරණයෙන් ඇප ලබා පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

සෙසු සැකකරුවන් වයස අවුරුදු 23 සහ 33 වියේ පසුවන්නන් වන අතර ඔවුන් ගොනාමුල්ල සහ නියාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් තිදෙනා සමඟ අත්අඩංගුවට පත් හෙරොයින් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here