වරාය නගරයට නව අරමුණක් දුන්නේ වර්තමාන ආණ්ඩුව

0
13

මෙරට හැර යාමට නියමිත වෘත්තීයවේදීන් 80,000 කට වරාය නගරයෙන් රැකියා අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙන බව. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි

පොත්තපිටිය බස්නැවතුම්පල සහ බහුකාර්ය ගොඩනැඟිල්ල ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය

‘අපේ අමාත්‍යාංශයට බාර දුන්නා කොළඹ වරාය නගරය. මේ වරාය නගරය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා එයා කරපු එකක් කියලා. ඒක එහෙම එකක් නෙමෙයි මේක 1998 කලම්බු මෙට්රෝ පොලිටන් ප්ලෑන් එකේ එවකට නාගරික සංවර්ධන ඇමති ඉන්දික ගුණවර්ධන මහතාගේ කාලයේ ඇතිකල සැලසුමෙන් ගලා ආ අදහසක්.

ඒ වෙලාවේ තිබූ අදහස තමයි ඒ කාලේ තිබූ අපේ එළිසබත් ජැටිය, එම ජැටිය බොහොම පටුයි, නොගැඹුරුයි. ඒ වෙනුවට ගැඹුරු දකුණු කොළඹ වරයා කියලා එකක් හදලා එළිසබත් ජැටිය තිබෙන ප‍්‍රදේශය නගරයක් හදන එක තමයි මුල් කාලයේ වරාය නගරය නමින් අදහස් උනේ.

පසුව ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ අපි දකුණු වරායේ රළ කඩනය හැදුවා. එය හැදුවහම පෙනී ගියා හැම වෙලාවෙම කළු ගඟ ඇතුළු එම ගංගා නිසා දකුණින් උතුරට වැලි ගොඩගසනවා.

රළ කඩනය හදලා ඉතාම සුළු කාලයකින් තේරුණා සම්පූර්ණයෙන් එතන ගොඩඋනා. ඒ අනුව අදහසක් ආවා නගරයක් හදන්න සුදුසු තත්වයක් තිබෙනවා බ්රේක් වෝටර් එකට පසු පසින් කියලා.

ඒ අනුව තමයි අග‍්‍රාමාත්‍යතුමා 2002 අගමැති වූ වෙලාවේ සුබන යුරෝන් කියන ආයතනයත් සමග එකට එකතු වෙලා ඇතිකළ යළි පුබුදමු ශ‍්‍රී ලංකා කියන වැඩපිළිවෙලේ තිබිච්ච මෙගාපොලිස් නමින්ම තිබූ වැඩපිළිවෙලේ දකුණු වරාය යටින් නගරයක් ඉදිකිරීම පිළිබඳ අදහස ආවේ.

ඕක තමයි චීන සමාගයක් 2013 දී අරගෙන වරාය අධිකාරියත් සමග ඔය වැඩේ පටන් ගත්තේ. එහි මතු වූ ගැටළු පිළිබඳව අප දන්නවා. පරිසර අධ්‍යනයක් සිදු කර නොතිබූ නිසා විශාල අනතුරක් වෙයි කියලා බයක් තිබුණා.

ධිවර සම්පත නැතිවීම නිසා ධිවරයින්ට ප‍්‍රශ්නයක් තිබුණා. ඒ වගේම මේක වරාය අධිකාරියට කරන්න පුළුවන්ද කියලා නීත්‍යානුකූල ප‍්‍රශ්නයක් තිබුණා. වරාය අධිකාරි පනතෙන් එහෙම දේවල් කරන්න බැහැ.

ඊ ළඟට මේකේ ඉඩම් සින්නක්කරව චීන සමාගමට ලබාදීම නිසා ගැටලූවක් මතු වී තිබුණා. ඊළඟට මේකේ කි‍්‍රයාකාරකම් හැටියට තිබුණේ ෆෝමියුලාවන් රේස් යන එකයි. කැසිනෝ හයක් ඇති කරන එකයි.

මේ වගේ ගැටලූ ගණනාවක් තිබුණා. ඒ අනුව තමයි මේ රජය ඇවිල්ලා මේ ව්‍යාපෘතිය නතර කළේ. නමුත් ඒ අවස්ථාවේදී ඇතිවූ දේශපාලන කලබැගෑනි, කතාබහත් සමග අවසානයේ රජය තීරණය කලා මේක කි‍්‍රයාත්මක කරන්න. ඒ අනුව වරාය අධිකාරිය සතු තිබූ මෙම ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශයට අපි බාර ගත්තා 2016 ජූනි මායේදී.

ඊට පසුව එම චීන සමාගත් සමග සාකච්ඡා කර අලූත් ගිවිසුමක් හැදුවා පරණ ප‍්‍රශ්න ඔක්කොම අතෑරලා. පළමුවෙන්ම අපි කළ දේ තමයි සින්නක්කරව චීන සමාගමට දීපු අයිතිය අහෝසි කිරීම.

දැන් මෙහි තිබෙන හැම ඉඩමක්ම අයිති රජයට, ඉඩම් කොමසාරිස් ජෙනාරාල්වරයාට. ඒ වගේම මෙහි තිබෙන ඉඩම් වෙන කාට හරි දෙන්න අයිතිය තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාට.

මෙහි තිබූ ෆෝමියුලා වන් රේස් යන එක අපි අයින් කළා. ඒ වෙනුවට අපි උද්‍යානයක් හැදුවා. ඒ උද්‍යානය ගෝල්ෆේස් එක වගේ හත් ගුණයක් විශාලයි. එය 2021 දී හැමෝටම විවෘත කරනවා.“