ඌව-සබරගමු-මධ්‍යම සවස් කාලයේ තද වැසි

0
19

අද(09) දින විශේෂයෙන් ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනි තැන සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර, එම තත්ත්වය නැගෙනහිර පළාතට හා මුලතිව් දිස්ත්‍රික්කයට පැතිර යා හැකියි.

ඉහත දැක්වු පළාත් 3 හි ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ දිනවල සුර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පිහිටා තිබේ.

ඒ අනුව අද දිනයේ දී දහවල් 12.11 වන විට මහවැව, අලළුව, කදහපොල, උහුමීය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද හා පෙරියනිලවානෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.