ආපදා තත්වයෙන් මියගිය ගනන 15 දක්වා ඉහලට

0
161

ආපදා තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා වැඩී වි ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. තවත් පුද්ගලයෙකු අතුරුදන් වුණා. පුද්ගලයන් පනස් පන්දහසකට වැඩි පිරිසක් ආරක්ෂිත සහන කඳවුරුවල රඳවා ඇති බවයි මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.
මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20ක් අද (25) අළුයම විවෘත කර තිබෙනවා. විනාඩියකට ජලය ඝන අඩි පන් දහස් හත්සිය පනහක් මී ඔයට මුදා හැරෙන බවයි වාර් මාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය හේතුවෙන් මී ඔය පහළ කොටසේ පදිංචිකරුවන් අවධානයෙන් සිටිය යුතු බවත්, ජනතාව ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළා.
අදත් පළාත් පහක මිපි මීටර් 150ක පමණ තද වැසි අතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. නිරිත දිග තොටසේ වැසි සහති කාලගුණ තත්ත්නව තුව දුරටත් බලාපොරොත්තුවන බව කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි විරසිජහ මහත්මිය සඳහන් කළේ.

දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල වැසි සහිත සුළංවල වැඩිවීමක් අද (25) සිට බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේඟය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මුහුද රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.