ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර පළමු නිල සාකච්ඡාව ඇරඹෙයි

0
7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇත
දෙපාර්ශ්වයේ නියෝජිතයින් මේ වන වි විපක්ෂ නායකවරයාගේ කාර්යාලය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාව සඳහා සහභාගී විමට නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණ තිබේ.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගීවී සිටින බව වාර්තා වෙයි.

මේ අතර මෙම සකච්ඡාව සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැමිණිමට නියමිත බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා නිදහස් මනසකින් යුක්තව එක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය