අදත් වැසි නෑ

0
7

අද (14) දිනයේත් දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.