ගිංගඟ පිටාර ගලයි මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

0
295

හිනිදුම පොලිසිය ඉදිරිපිට පාර,තවලම නෙළුව මාර්ගයේ මාවනාන ප්‍රදේශය, නෙළුව බටුවංගල ප්‍රධාන මාර්ගය උඩුගම කාටගොඩ හන්දිය, නෙළුව දූලි ඇල්ල පාර ජලයෙන් යටවෙමින් පවතී.

මේ ප්‍රදේශයේ සියලුම මාර්ග ජලයෙන් යටවී පවතින බැවින් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට ඇතැයි වාර්තා වේ.

අද දිනය පුරාම පැවති තද වැස්ස මේ වනවිට තරමක් අඩුවී ඇතත් කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 12ක කාලයේ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි.

ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා යුද හා නාවුක හමුදා භට කණ්ඩායම් සහිත මුදවාගැනීමේ කණ්ඩායම් 7 ක් අදාළ ප්‍රදේශ වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි