ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි-කතුන් 3ක් අත්අඩංගුවට

0
111

ගල්කිස්ස පොලිස් වස‍මේ වෙඩි කන්දපාර, ගල්කිස්ස ප්‍රදේශයේ ආයු‍ර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් ග‍ල්කිස්ස පොලීසිය විසින් වටලා තිබේ.

ඊයේ(20) රාත්‍රී 7.30 ට පමණ පොලිස් නිලධාරීන් මෙම මහෙයුම දියත් කර ඇත.

ගණිකා නිවාසයේ කළමණාකරණ‍ය කිරීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදී සිටි‍මේ අදහසින් එහි රැඳී සිටි තවත් සැකකාරියන් දෙදෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 32, 27 හා 36 යන වයස්වල බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් පානදුර, බූස්ස හා මීගහතැන්න ප්‍රදේශවල පදිංචිකාරියන් බව අනාවරණය වී ඇත.

සැකකාරියන් අද(21) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.