ඇමරිකාවේ CIA ආයතනයට පළමුවරට කාන්තා අධ්‍යක්ෂකවරියක්

0
346

ඇමෙරිකාවේ CIA ආයතනයේ පළමු අධ්‍යක්ෂවරිය ලෙස ජීනා හැස්පෙල්ගේ තනතුර ස්ථීර කර තිබෙනවා. ඇමෙරිකා සෙනෙට් සභිකයින්ගේ ඡන්ද විමසීමෙන් මෙම තනතුර ස්ථිර කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. සෙනෙට් සභිකයින්ගෙන් සියයට පනස්හතරකින් හතලිස් පහක ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමටයි ඇය සමත් වුණේ. ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සොයා ගැනීම සදහා ඉතා දක්ෂ ලෙස ක්‍රියාකළ නිලධාරිනියක ලෙසයි ඇය ප්‍රකටව සිටින්නේ. මීට පෙර ඇමෙරිකා සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂ ධුරය හොබවනු ලැබුවේ මයික් පොම්පියෝයි.