ලොරි රථයක් ප්‍රපාතයකට යයි-2කට බරපතළයි

0
38

නාවලපිටියේ-නාවලපිටිය මාපකන්ද දක්වා ධාවනය වු ලොරි රථයක් ෆයිනස් වගා රක්ෂිතයේ අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරළිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතළ තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.

ඊයේ(10) රාත්‍රි 10.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ මාපකන්ද පන්විල හන්දිය ප්‍රදේශයේදීය.

අවමංගල උත්සවයකට සහභාගි විම සඳහා ලොරි රථය ධාවනය කරවන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථයකට ඉඩ ලබදීමට යාමේදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලීසිය සඳහන් කළේය.

අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදුව ඇති බවට වාර්තා වේ.