මන්ත්‍රී ආරක්ෂකයින් පිරිසක්ගේ පහරින් පොලිස් නිලධාරියෙකු රෝහලට

0
64

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ආරක්ෂකයින් පිරිසක් සිදු කළ පහර දීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල ගත කර තිබේ.

ඊයේ(10) රාත්‍රි අදාළ පහර දීම සිදුව ඇති අතර තුවාල ලැබු පොලිස් නිලධාරීයා මේ වන විට බණ්ඩාරවෙල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අදාළ පොලිස් නිලධාරීයා මෙම මන්ත්‍රිවරයාගේ මෝටර් රථය පසුකර ගොස් ඇති අතර ඊට කෝපයට පත් මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් පොලිස් නිලධාරීවරයාට පහර දී ඇති බව සඳහන්ය.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ 26 හැවිරිදි පොලිස් නීලධාරීවරයෙකු වන අතර ඔහුගෙ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මෙම ආරක්ෂකයින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාගේ ආරක්ෂකයින් බව වාර්තා වෙයි.

බණ්ඩාරවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි