නවසීලන්තයේ රැකියා සිහිනය පෙන්නා මුදල් ගත් කත මාට්ටු

0
119

විදෙස් රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් වංචාකළ කාන්තාවක් හොරණ, මීමන ප්‍රේමතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

නවසීලන්තයේ රැකියා ලබා දෙන බවට පවසමින් ඇය විසින් ලබාගත් රුපියල් දෙලක්ෂ 95,000ක මුදලක් සහ විදෙස් ගමන් බතපත්‍ර 40ක් එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකාරිය හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි.

ඇය අද(07) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.