0
195

යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ආවා කල්ලි සමාජිකයින් අද(28) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මොවුන් ඊයේ(27) දිනයේ අත්අඩංගුවට ගත්තේය.

යාපනය පොලිස් වසමේ නාච්චිඅම්මාන් කෝවිල අසලදී පුද්ගලයින් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල යාපනය සහ මනිප්පාය් ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් ඊයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(28) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.