බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක ආර්ථික විද්‍යා කරයි

0
109

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට. අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (15) මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වැඩිම ණය වාරිකය ගෙවිමට ඇත්තේ 2025 වසරේදී බවයි.

2015 වසර වන විට නොගෙවූ ණය ප්‍රමාණය ට්‍රිලියන 2ක් බවත් යුද්ධය නිමා කිරීමටත් යටිතල පහසුකම් ලබා දීමටත් සහ උතුරු – නැගෙනහිර සංවර්ධනය කිරීමට විශාල ප්‍රමාණයේ ණය ලබාගැනීමට සිදු වු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරිමට ණය ගත් බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

වර්තමාන රජය කිසිදු සංවර්ධනයක් නොකර රාජ්‍යය ණය ගැන වාර්තා තැබු බවත් වැඩිම ණය ගෙවන්න වෙන්නේ 2025 දී වන බැවින් වත්මන් මුදල් ඇමති බොරු ප්‍රකාශ කිරිමේදි ප්‍රවේසම් විය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

මහ බැංකුවේ බැදුම්කර වංචාව නිසා ගෙවීමට සිදු වන ණය ප්‍රමාණය වසර 30 කින් හො ගෙවා අවසන් කිරිමට හැකි වෙවිද යන්න නිෂ්චිත නොවන බවත් එම ණය ගෙවා අවසන් වන කාලයෙදී තමන් ජිවතුන් අතර නැති බවත් වෙනත් ලෝකයක සිට ආර්ථික විද්‍යා වැඩ සිදු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.