ගාල්ලේ ටයර් අලෙවිසැලක් ගින්නෙන් විනාශයි

0
13

ගාල්ල පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ ටයර් අලෙවිසැලක හටගත් ගින්නෙන් එම අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

අද අලුයම ගින්න හටගෙන තිබෙනවා. එම අලෙවිසැලේ ගබඩාකර තිබූ ටයර් විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශයට පත්වුණා.

ගින්න නිවීම සදහා ගාල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය වහාම පියවර ගත්තා. දක්ෂිණ නාවික කදවුරේ ගිනි නිවන ඒකකයද මේ සදහා සහාය ලබාදුන්නා.

ගින්න නිවීම සදහා එක්වු කිහිප දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. සිදුව ඇති අලාභය ද තක්සේරු කර නැති බව ගාල්ල පොලීසිය ප්‍රකාශ කළා.