සුසාන භූමියකදී පහරදීමකින් අයෙකු මරුට

0
139

කෑගල්ල, එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයෙකුගේ දේහය මිහිදන් කිරීම සඳහා සුසාන භූමිය සකසමින් සිටින අවස්ථාවේ එම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

පහරදීමෙන් ඇද වැටුණු අදාළ පුද්ගලයාගේ හිස සිමෙන්ති ගලක වැදී බරපතළ තුවාල ලබා ඇති අතර පසුව කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ හිරිවඩුන්න, එරමිණියගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන බව පොලීසිය පැවසීය.