ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරකින් 6 ක් මරුට

0
126

ඩෙන්මාර්කයේ, ග්‍රේට් බෙල්ට් පාලම මත සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලීසිය පවසයි.

සීලන්ඩ් සහ ෆුනෙන් දූපත් යා කරමින් ඉදිකර ඇති මෙම පාලම අනතුරින් පසුව වසා දමා ඇති බවද වාර්තා වෙයි.

මෙම ප්‍රදේශයේ දැඩි වර්ෂාපතනයක් පවතින අවස්ථාවේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් හා මගී ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව කියවුණද, එය මෙතෙක් තහවුරු කර නැත.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගීන් 131 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු එහි සිට ඇති අතර, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සහන කණ්ඩායම් වෙතද ඒ කරා යෑම අපහසු වී තිබේ.

ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් නගරය බලා මගී දුම්රිය ගමන් කරමින් සිට ඇති අතර, මෙය සීලන්ඩ් දූපතේ පිහිටා තිබේ.