පොලිසියට බියවී වැවට පැන්න තරුණයා අතුරුදහන්

0
127

වවුනියාව පොලිස් ලුහුබැදීම් හමුවේ තරුණයෙකු වවුනියාව වැවට පැන අතුරුදන් වී ඇත.

ඊයේ (30) රාත්‍රීයේ මෙම අනතුර සිදු වී ඇති බවට වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පැවසූවේ මත්පැන් පානය කොට ගමන් කළ යතුරුපැදියක් නැවැත්වීමට යාමේදී යතුරුපැදිකරු පොලිසියට බියෙන් පළාගොස් ඇති අතර , අනතුරුව යතුරුපැදිය දමා තරුණයා වැවට පැන ඇති බවයි.

අදාළ තරුණයා රාත්‍රී 12.00 ට පමණ වැවට පැන ඇති අතර අලුයම තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිස් පරික්ෂණ සිදු කරයි.