අමාත්‍ය මන්ඩලය දිවුරුම්දීම අද

0
160

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙත පැමිණ ඇති බවට වාර්තා වේ.

නව අමාත්‍ය මණ්ඩලය අද(20) උදෑසන 8.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු 20 දෙනෙකු පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විම ද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇති බව​ සඳහන් වෙයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හිමි වීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර, මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යාංශය ද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාට ප්‍රවාහන අමාත්‍යාංශය ද හිමි වීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම සාගල රත්නායක මහතාට වරාය සහ නාවික අමාත්‍යාංශය හිමි වෙනු ඇතැයි ද සඳහන් වෙයි.

මේ අතර ජනාධිපතිවරයාගේ විෂයන් යටතට ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රුපවාහිණී සංස්ථාවත් , ලෙක් හවුස් ආයතනයත් පවරා ගන්නා බව සඳහන් වෙයි.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වු මන්ත්‍රීවරුන්ටද අමාත්‍යධුර නොදෙනු ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර ජනපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමති ධුරයක් ඊයේ දිනය වන විටත් ලබා දීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර නොතිබුණු බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඇමති මණ්ඩලය 28 කට සීමා වෙනු ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාට කිසිදු ඇමතිධූරයක් හිමි නොවනු ඇති බව ද මේ වන විට වාර්තා වී තිබේ.