රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න අයිතියක් නෑ

0
208

අධිකරණයෙන් ලබා දීපු තීන්දුව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් හෝ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලෙස පත් කිරීමට දුන් තීන්දුවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පස්වරුවේ අම්බලංගොඩ පැවති ජනහමුවක් අමතමින්.

ආර්ථිකය විනාශ කරමින් රටේ සම්පත් විදේශිකයන්ට විකුණමින් කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරිමට කිසිදු අයිතියක් නැති බවද ඒ මහතා පැවසීය.

විශේෂයෙන් තම පක්ෂයේවත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නොහැකි නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සම්බන්ධයෙන් කතා කිරිමට කිසිදු අයිතියක් නොමැති බවයි.