එක්දින පිලේ නායකත්වය මාලිංගට

0
161

නවසීලන්ත තරග සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පත් කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් නායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පිලේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ.

මේ අතර අන්ජලො මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, දිනේශ් චන්දිමාල්, අසේල ගුණරත්ත, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් සදකැන්, ලක්ෂාන් සදකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චාමර, කසුන් රංජිත්‍, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර යන ක්‍රීඩකයින් මෙම සංචිතය සඳහා අතුළත්ය.

ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.