වෑන් රථයක් පෙරළී 9 කට තුවාල

0
117

ඇල්ල පොලීස් වසමේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලින් ගමන් ගත් වෑන් රථයක් පාරෙන් ඉවතට පැන මීටර් 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(13) දින රාත්‍රී 8.25ට පමණ සිදුවූ මෙම අනතුරින් තුවාලකරුවන් බදුල්ල සහ දියතලාව රෝහල් වෙත යොමු කර ඇති අතර බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත යොමු කර තිබේ.

ඇල්ල පොලීසිය විමර්ශන සිදු කරයි.