අපි ඉදිරිපත් වෙන්නේ සංධානයකින්

0
158

ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානයකින් ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව ඇති කරගෙන ඇති බවයි.

සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.