අගමැති සහ විපක්ෂ නායක අතර හමුවක්

0
165

විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන මහතා සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

අද (30) පෙරවරුවේ විජේරමේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති බවට වාර්තා වේ.

වත්මන් දේශපාලන තත්ත්වය පිලිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.

මේ අතර ඉදිරි දේශපාලන තත්ත්වය පිලිබදව සාකච්ඡා කිරීම සඳහා දෙමල ජාතික සන්ධානයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබේ.

අද දහවල් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේය.