බ්‍රාවෝ ජාත්‍යන්තර පිටියට සමුදෙයි

0
331

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 35 හැවැරිදි බ්‍රාවෝ ඒ අනුව ඒක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගවලින් විශ්‍රාම ගනු ඇත.

කෙසේ වෙතත් ඔහු ඉදිරියටත් ලීග තරගවලට ක්‍රීඩා කරනු ඇත. 35 හැවැරිදි බ්‍රාවෝ 2004 වසරේදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර ඔහු ටෙස්ට් තරග 40, ඒක්දින තරග 164ක් හා විස්සයි20 තරග 66කදී කොදෙව් කණ්ඩායම නියෝජනය කර තිබේ.

බ්‍රාවෝ ක්‍රිකට් පිටියෙන් පිට දක්ෂ ගායකයෙක් ලෙසද කටයුතු කරයි.