නෙළුම් කුළුණේ ජල කාන්දුවක්

0
45

කොළඹ ඉදිකෙරෙන නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක ජල කාන්දු සිදුවන බවට වාර්තා වේ.

නෙළුම් පෙති හැඩයට නිමවා ඇති කොටස්වල වීදුරුවලින් මෙලෙස ජල කාන්දු සිදුවන බවයි වැඩිදුරටත් කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබුණේ.

ඒ අනුව මේ පිළිබඳ නැවත සොයා බලන බව ඉදිකිරීම් සිදුකරන චීන සමාගම ප‍්‍රකාශ කර තිබෙනවා.

නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 අගෝස්තු මාසයේදීයි. එහි සේවයේ නිරත වන්නන්ගෙන් සියයට 70 ක් චීන ජාතිකයන්. සෙසු පිරිස ශී‍්‍ර ලාංකිකයන් වනවා. මෙම ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,404 ක්.

ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසර 7 ක් ඇතුළත එය චීනයේ එක්සිම් බැංකුව වෙත පියවිය යුතු වනවා.

මේ වනවිට නෙළුම් කුළුණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියයට 85 ක් පමණ අවසන්. ලබන වසරේ ජනවාරි 8 වැනිදා එය විවෘත කිරීමට නියමිතව තිබෙනවා. දකුණු ආසියාවේ දැනට ඇති උසම කුළුණද නෙළුම් කුළුණයි. එහි උස මීටර් 356 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here