අදත් මාතර වෙඩි තැබීමක්

0
114

මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ අද(22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද උදෑසන 9.25 ට පමණ හුලංකන්ද, දම්පහල මාර්ගයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හීගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වු අකුරැස්ස වත්ත, වලස්මුල්ල ලිපිනයේ පදිංචි ඊ.එස්.චමින්ද දයාරත්න නැමති පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී වෙඩි තැබීමට ලක්ව ඇති අතර, සැකකරුවන් යතුරුපැදියකින් පැමණ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.