සිව් වන එක්දින කි‍්‍රකට් තරගය අද පල්ලෙකැලේදී – කාසියේ වාසිය එංගලන්තයට

0
275

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වෙනවා. දිවා තරගයක් වන මෙම තරගය උදෑසන 10 ට ආරම්භවීමට නියමිතයි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය 2 ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි. ඒ අනුව තරගාවලිය ජය පැරදුමකින් තොරව නිමා කිරීමට නම් ශී‍්‍ර ලංකාව ඉතිරිව ඇති තරග දෙකම ජයගත යුතු වනවා.