යතුරු පැදියක් ටිපර් රථයක ගැටී එකම පවුලේ 3ක් මරුට

0
166

දෙහිඅත්තකණ්ඩිය – සදුන්පුරදී එකම පවුලේ පස් දෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් අද (14) ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතිබව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

මෙම අනතුරින් යතුරු පැදිකරු සහ එහි ගමන්ගත් ඔහුගේ අවුරුදු 14 සහ අවුරුදු 09 ක පුතුන් දෙදෙනා ජීවිතක්ෂට පත්වී ඇත.

යතුරුපැදියේ ගමන්කළ මව සහ අවුරුදු 05 දරුවා බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහරෝහලට මාරුකර යවා ඇත.

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.