ගෝඨා විශේෂ මහාධිකරණයට එයි

0
173

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ.

පෙරවරු 09.00 ට පමණ හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණය වෙත පැමිණ ඇත.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණය වෙත පැමිණ ඇති බව සඳහන්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව පසුගිය මස 10 වනදා පළමු වරට විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගත් අතර එහිදී විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.