ගොඩනැගිල්ලකින් වැටී අයෙකු මරුට

0
165

මහියංගනය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉහලමාලයෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා ඊයේ (08) පස්වරුවේ අදාළ ගොඩනැගිල්ලෙන් ඇද වැටී ඇති අතර ඔහු මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මහියංගනය ප්‍රදේශයේ මත්පැන් අලෙවිකරන ස්ථානයක ඉහළමාලයෙන් ඇද වැටී මෙලෙස මියගොස් ඇත්තේ අඹගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අයෙක්.

මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(09) සිදුකිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.