බදුල්ල අවදානම් – පවුල් 43ක් ඉවතට

0
110

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශය කීපයකට මීලි මීටර් 100 කට වැඩි වර්ෂාවතනයක ලැබීම හේතුවෙන් ගල් පෙරළීමේ අවධානමක් මතුව ඇඇති බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසයි.

ඊයේ(04) රාත්‍රී 8 ට පමණ බෙරගල ග්‍රාම නිලධාරී වසමේ බත්ගොඩ ප්‍රදේශයේ අධික වැස්ස සමඟ ගල්පෙරළීමේ අවධානම දැඩි වීම නිසා පවුල් 43 කට අයත් පුද්ගයන් 150 ක් තාවකාලිව ඉවත්කර චූලානන්ද දෙමල විද්‍යාලයට යැවූ බවද ඒ මහතා සඳහන් කළේය.

මෙය ජාතික ගොඬනැගිලි පර්යේෂන සංවිධානය විසින් මීට පෙර පරීක්ෂාකර දැඩි අවධානම් කළාපයක් ලෙස නම්කර තිබෙන ප්‍රෙදේශයක් බවත් එසේතිබියදි කැළෑ ගැනි තැබීම නිසා අවධානම වැඩීවි ඇති බවත් උදයකුමාර මහතා සඳහන් කරයි.

අද ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ පිරිසක් යවා පරික්ෂා කර ඉදිරි පියවර ගන්නා බවද උදයකුමාර මහතා වැඩිදුරටත් පැවසයි.