මුහුදු යාමෙන් තවදුරටත් වලකින්න

0
254

හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, පුත්තලම සිට මීගමුව දක්වාත් වන මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

වැසි ඇතිවන අවස්ථාවන් හීදි එම ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුaතු අමාත්‍ය විජිත් විජමුණි සොයිසා මහතා පවසන්නේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඉදිරි කාලය තුළ ද ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස ධීවරයින්ට උපදෙස් දෙන බවයි.

අද(03) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු මැද, මධ්‍යම, ඌව පළාතේ ඇතැම් ස්ථානවලට අධික වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක සඳහන් කළේය.