මහින්ද හැමදාම උදේට රනිල්ට වැඳිය යුතුයි – තලතා

0
331

යුද අපරාධ සඳහා තිබෙන රෝම ප්‍රඥප්තියට 2002 ආණ්ඩු සමයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අත්සන් නොකළ නිසා ශ්‍රි ලංකාවේ කිසිදු පුරවැසියෙකු විදේශ අධිකරණයකට හෝ යුධ අධිකරණයකට ගෙන යා නොහැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පල කළේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.

වත්මන් ආණ්ඩුව බුද්ධ ශාසනය විනාශ කරමින් ස්වාමීන් වහන්සේලා අත් අඩංගුවට ගනිමින් විදේශ අධිකරණ හා විදේශ විනිසුරුවරුන් ලවා නඩු අසමින් සිටින බවට අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බවද අමාත්‍යවරිය පවසයි.

2015 වසරේදිත් තමන් ඡන්දය පාරාජය වුවහොත් යුද්ධය දිනවපු මහින්ද රාජපක්ෂ මහතාව විදුලි පුටුවට ගෙනියන බවට අසත්‍ය ප්‍රකාශ කළ බවද අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා සෑම දිනකම අවදි වු පසු තමන්ව බෙරාගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටින දිශාව බලා වදින්න ඕන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එවැනි දෙ කිසි දිනය සිදු නොවන බවද ඇය පවසයි.