ඕනෑම ආණ්ඩුවක යහපත් දේ අගය කළ යුතුයි

0
90

ඕනෑම ආණ්ඩුවක යහපත් දේ අගය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සුව සැරිය ගිලන් රථ සේවය පුළුල් කිරීම වෙනුවෙන් අනුරාධපුර පැවති උත්සවයකදිය.

“1990 ” සුවසැරිය හදිසි ගිලන් රථ සේවය , උතුරු මැද පලාතට ව්‍යාප්ත කිරිමේ වැඩසටහන අනුරාධපුරයේදි ඊයේ (29) පැවැත්වුනේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදි එම පළාත වෙනුවෙන් ගිලන් රථ 21ක් පිරිනැමුණා.

එහිද අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ “1990 ” සුවසැරිය හදිසි ගිලන් රථ සේවය ආරම්භ කිරිදේදි විවිධ පාර්ශව විසින් චොදනා සහ උද්ඝෝෂණ පැවැත්වුවත් මෙම ගිලන් රථ සේවයෙන් ලක්ෂය වන රෝගීයා ද රෝහල් ගත කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here