කොබෙයිගනේ රිය අනතුරකින් තරුණයෙකු මරුට

0
264

කොබෙයිගනේ පොලිස් වසමේ කඩවලගෙදර හංදිය විතිකුලිය මාර්ගයේ වලස්වැව දැදුරුඔය වම්ඇල අසල දී සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු කොබෙයිගනේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොබෙයිගනේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.