රාජපක්ෂ සහෝදරවරුන් අතර කිසිඳු මතභේදයක් නෑ

0
411

ඇතැමුන් පවසන ආකාරයට රාජපක්ෂ සහෝදරවරුන් අතර කිසිඳු මතභේදයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (13) පෙරවරුවේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

තිඹිරිගස්යාය සාමවිහාරයේදි අද පෙරවරුවේ සිදු කළ දානමය පිංකමකට හිටපු ජනාධිපති මහින්ද රජාපක්ෂ මහතා එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අනුව ඔනෑම තරාතිරකම පුද්ගලයෙක් මෙරටට ගෙන ඒමේ හැකියාවක් තිබෙන බවත් මේ තුළින් සංස්කෘතියටද බලපෑමක් එල්ලවන බවයි.

උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ආණ්ඩුව සිදුකරන වැඩපිළිවෙල අපට නොතේරෙන බවත් දුප්පතාගේ බඩට ගැසීම පමණක් මේ ආණ්ඩුව සිදුකරන බවයි.