නීතිය හා සාමය ජනපති යටතට ගන්න – 16 කණ්ඩායම ඉල්ලයි

0
388

නීතිය හා සාමය අමාත්‍යාංශය වහාම ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවසා සිටියි.

මීට අමතරව ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ආරක්ෂාවට හමුදා නිලධාරීන් යොදා ගත යුතු බවද එස්.බී.දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්ෂා කිරීමට පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින බවත් අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග බෝධි පුජා පැවැත්වීමටත් පොලිස්පතිවරයා ගොස් තිබෙන බවද ඊයේ (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.