අඹුසැමියන් අතර සිදුවූ ආරවුලකදී ස්වාමියා විසින් ඊයේ (12දා) හවස තම බිරිදට දර පොල්ලකින් සිදුකල පහරදීමකදී එම දර පොල්ල සිඟිති දරුවකුගේ බෙල්ලට වැදීම නිසා එම සිගිති දැරිය මියගොස් ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
කන්දකැටිය මුඩගමුව පදිංචි එන්.එම්.සමුදිකා සෙව්වන්දි නැමති මාස පහක සිගිති දැරියක් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
දර පොල්ල වැදීමෙන් පසු දැඩි අසාධ්‍ය තත්වයෙන් මෙම දැරිය මීගහකිවුල දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර ඇතත් බදුල්ල මහ රෝහලට රැගෙන එන විටත් මෙම දැරිය මියගොස් තිබේ.
කන්දකැටිය පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ සිදු කරයි.