සිරකරු සුබසාධන පළමු ‌කොඩිය ජනපතිට පළඳවයි

0
317

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය අද (11දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළදවීය.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන අතර, සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම මෙමගින් සිදු වේ.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපති වෙත ප්‍රථම කොඩිය පැළද වූ අතර අධිකරණ අමාත්‍ය තළතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.